Lifestyle

දුක හිතුණාම, එක එක දේවල් කන්න පුරුදු වෙලාද?

Binge eating disorder, depression, anxiety disorders, obsessive compulsive and related disorders
Written by admin

ප්‍රශ්නයක් වුණාම, දුක හිතුණම, alcohol ගන්න අය ගැන, smoke කරන අය ගැන, අපි අහලා තියනවානෙ. නමුත්, දුක හිතුණම විවිධ දේවල් ගොඩක් කන අය ගැන වැඩිය අහලා නැහැ. අපි එතරම් කතා නොකළාට, ප්‍රශ්නයක් වුණාම, දුක හිතුණාම, එක එක දේවල් කන්න පුරුදු වෙලා ඉන්න අය ඉන්නවා.

මේක එක්තරා Bad habit එකක්. ඒකට කියනවා Emotional Eating කියලා.

මේ කියන තත්ත්වයේදී සිදුවෙන්නේ, ශරීරයට දැනෙන ආහාර අවශ්‍යතාවය නිසා කෑම කනවා වෙනුවට, තමන්ට එන negative emotions, cope කරගන්න කෑම වර්ග කන්න යොමුවෙනවා.

උදාහරණ විදිහට, දුකක්, තනිකමක්, තරහක්, බලාපොරොත්තු බිඳ වැටීමක්, ව්‍යාකූල බවක්, ආතතිය වැඩිවීමක්, ඒ වගේ තත්ත්වයන් වලදී යම් යම් දේවල් කන්න ඕන වෙනවා. කෑම සම්බන්ධව දැඩි ඕනකමක් (urge එකක්) පුද්ගලයාට දැනෙනවා.

දැන් අපි බලමු මේ Emotional eating තත්ත්වයේදී තියන ලක්ෂණ කිහිපයක්.

🔺තමන්ට ආතතියක්, තනිකමක්, දුකක්, තරහක්, ඒ වගේ දේවල් දැනුනාම විවිධ දේවල් කන්න හිතෙනවා. විශේෂයෙන්ම Sweets, Junk food වගේ දේවල්.

🔺කෑම සම්බන්ධව එන ඒ urge එක (දැඩි ආශාව) පාලනය කරගන්න අපහසු වෙනවා.

🔺බඩගිනි නැති වුණත්, බඩ පිරිලා තිබුණත්, තව තව දේවල් කන්න හිතෙනවා.

🔺negative emotions එන අවස්ථාවන් වලදී, මොනවා හරි දේවල් කෑවට පස්සේ තමන්ට සහනයක්, Relief එකක්, දැනෙනවා

🔺කෑම තියන අවස්ථාවන් වලදී තමන්ට safe feeling එකක් දැනෙනවා. නිකන්, කෑම තමන්ගෙ යාළුවෙක් වගේ හැඟීමක්.

🔺මේ විදිහට පාලනයක් නැතිව විවිධ කෑම කන එක ගැන තමන් නිතර worry වෙනවා. තමන් පුරුදු වෙලා ඉන්න දේ ගන වරඳකාරී හැඟීම් එනවා.

අපිට ඇත්තටම එන බඩගින්න, ඒ කියන්නේ physical hunger සහ මේ emotional eating තත්ත්වයේදී එන බඩගින්න (emotional hunger) අතර වෙනස්කම් තියනවා.

❗physical hunger අපිට ක්‍රමක් ක්‍රමයෙන් දැනුනාට, මේ emotional hunger අපිට එක පාරටම (suddenly) දැනෙනවා.

❗Physical hunger ආවම අපිට හොඳ කෑමක් කන්න හිතුණත්, මේ emotional hunger ආවම බොහෝ විට junk foods, sweets වැනි විවිධ specific comfort foods තමයි කන්න හිතෙන්නේ.

❗Emotional hunger තත්ත්වයේදී අපිට කන ප්‍රමාණය ගැන එහෙම අවධානයක් නැහැ. සීමාවන් නැහැ. හිතුමතේ කනවා.

❗Physical hunger අපිට තරමක් manage කරගන්න පුලුවන්. ඉවසගන ඉන්න පුලුවන්. හැබැයි emotional hunger තත්ත්වයේදී ඉක්මනින් satisfaction එකක් ඕන වෙනවා. ඉක්මනින් මොනවා හරි කන්න ඕන හිතෙනවා.

❗තමන්ගෙ බඩ පිරිලා තිබුණත් මේ emotional hunger තත්ත්වයේදී ඇති කියලා හිතෙන්නේ නැහැ.

එතකොට මේ Emotional eating කියන්නේ Mental Disorder එකක්ද?

නැහැ. Emotional eating කියන්නේ mental disorder එකක් නෙවෙයි.
නමුත්, මේ emotional eating තත්ත්වය වෙනත් mental disorders වලදී ඇතිවෙන්න පුලුවන්. උදාහරණ විදිහට, Binge eating disorder, depression, anxiety disorders, obsessive compulsive and related disorders, වැනි Disorders වලදී මේ තත්ත්වය ඇතිවෙන්න පුලුවන්.

ඊට අමතරව, එදිනෙදා ජීවිතයේ යම් යම් ප්‍රශ්න නිසා ඇතිවන මානසික පීඩනය නිසාත් මේ emotional eating තත්ත්වයට කෙනෙක් යොමුවෙන්න පුලුවන්.

Mental Health with Avishka

About the author

admin